Monday, January 18, 2016

නිමේෂය ...................


හිරු නැඟෙන යාමයේ
අවදි වී නිදිගැට
හරිමින් ..................
ලහි ලහියේ
කෑම පිසගෙන
දිව ආවෙමි
කන්තෝරුවට .....................
අන්තිම විනාඩියේ
සටහන් කළෙමි........................
නිමක් නොපෙනෙනා
දහසක් වැඩ අතරේ ..................
අකුරු කළෙමි
නිවසට යන්නට පෙර
හිරු බැස යන
මේ නිමේෂයේ.........................



Tuesday, January 12, 2016

නව වසරේ අහිංසක පැතුමන්



ඇරඹුණා නව වසරක් ..........

පොදි බැදගනිමින්

ආශාවන් ගොන්නක් ..................

හැල්මේ දුවනා

මේ ජීවිතයට

ගෙනෙන් නව අරුතක්

ළබැඳි 2016 වසර ......................

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...