Thursday, May 16, 2019

මගේ අප්පච්චි..............

හිසට නොමැති මුත්
විවේකයක්.......
කුසට නොමැති මුත්
රස අහරක්..........
නැහැ මැසිවිලි නැඟුවේ
මගේ අප්පච්චි...........

මගේ අප්පච්චි...................


ඔබ ළඟ හිදගෙන
නුඹහට සලකන්නට..........
නුඹහට ඇසෙන්නට
බණ පදයක්
කියන්නට...............
පෙර පින් නැති වූවා
මට අප්පච්චි...............
උපදින හැම භවයකම
වන්නට නුඹෙ දෝණි
පැතුම් නොපතමි
මගේ අප්පච්චි........
මන්ද,
නුඹ කරගත් සියලු පිනෙන්
දෙව් ලොව දිව සුව විදිනවා
මගේ අප්පච්චි.......................

අප්පච්චි....................


හිසට නිවසක් තනන්නට‍
දැනුමින් මා වඩන්නට
නොමැති වූණා
කාසි පනම් අපහට..............
දුරු රටකට අම්මා ගියේ
නුඹහට අප භාර කරන්
අප රැක ගත්
ඒ පිනෙන්
නිවන් දකිත්වා
මගේ අප්පච්චි.........................


අප්පච්චි...............


දස මසක් මා කුස නොදැරුවාට

දෙතනේ කිරි නොඑරුනාට

මවකගේ සෙනෙහස

දුන් පිනෙන්

නිවන් දකිත්වා

මගේ අප්පච්චි..............

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...