දුවණිට.....
ආදරේ කළේ නුඹටයි අපි මහමෙර සේ
නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ
දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ
මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ...
දවසින් දවස වැඩෙනා හරි අපූරුව
කාගෙත් ආදරේ ලබනට ලැබු ඒ වාසනාව
ගීයෙන් නැටුමෙන් අප සිත් සැනසුව අපූරුව
නිවසම වුණේ එළයයි නුඹේ සිනාව......
අත දරුවෙකි නුඹ මේ සමාජෙට
රුදුරුයි ලෝකය නුඹ නොදන්නාවාට
සතර අතින් වට කෙරුවත් ගිලගන්නට
තියපන් පුතේ ගත් අඩියම ඉදිරියට ......
මිතුරු වෙසින් ආවත් සතුරු පස
සිට ගනින් දුවේ සැමදා අපේ පස
දිනන්නට ලස්සන ලෝකය හෙට දවස
හැකිය පුතේ සමගින් අපේ සෙනෙහස