Saturday, April 15, 2023

කිරි අම්මා


සිටියත් ගව් ගණනක් දුර                     ඈත
නතර වුණේ නුඹ ගාවයි නිතර            සිත
ආසයි දකින්නට මට නුඹගෙ              වත
තනිවම වැළපෙයි අද මගෙ            හදවත    

දකිනා විටදි කිරි අම්මේ ඔබ                    වැනි
ආච්චිලා සැම දින මගෙ                      නෙතිනි
පවසන්නට නොහැකියි කකියන හද          ගිනි
උණු කඳුළින් තෙමුණා මගෙ                නෙතිනි

නුඹෙ රුවට සමානයි මගේ                    ටීචර්
මා ආදරෙයි ඇයටත්                             අසමාන
නුඹ නැති අඩුව පුරවන්නට බැහැ           ඇයට
එන්නෙමි ළඟදිම නුඹ දකිනට අද          හෙටම

අම්මා කවන ඒ හැම වේලකම                 රසේ
මතකයි නුඹ හැදු ඒ කිරි හොද්දේ             රසේ
අම්මට හොරෙන් හැදුවේ ඒ                    දවසේ
මට ආදරේ නිසයි නුඹ මගෙ කිරි අම්මේ

බලනා විටදි ටෙලිවිෂනය අද                 දවසේ
නෙතඟින් වැටුණා උණු කඳුළැලි          රහසේ
දුටුවේ අම්මයි ඒ කඳුළැලි                      මාගේ
විමසුවේ
ඇයි ද අඬනුයේ නුඹ               රහසේ

මතක් වුණා මේ වාගෙයි මගෙ             කිරි අම්මා
දරා ගන්න බැහැ දුක නැත මට             කිරි අම්මා
දැක ගන්නට ආසයි මට මගෙ              කිරි අම්මා
නොදැනිම ඇඬුණේ ඒකයි මට          මගෙ අම්මා

කොරෝනා නිසා ලංකාවට යන්න බැරිව         අද
ළත වෙමි අප සැමවිට මෙහෙම                       ඉද
ඉඩක් ලැබුණ විගස දුවනට බලා                      ඉද
වෙහෙසයි කිරි අම්මේ ගෙවෙනා දින               දින

එන්නම් ඉක්මණින් ඔබ දැක                  ගන්නට
තෑගි බෝග අරගෙන ඔඛෙ                     දෝතට
පතනෙමි නිදුක් නිරෝගී සුවයම                 ඔබට
දීඝායු වේවා මගෙ කිරි                            අම්මාට


උපාධි සහතික........

 

උපාධි සහතික........


පාසල් යන දැරිවියක් ලෙසින්                 එදා
කැම්පස් යන්නයි දිරි ගත්තේ මා         සැමදා
සඵල වුණා ඒ හීනය සිත                   නොරිදා
කැලණි බිමට පා තැබුවේ තුටිනි           මෙමා

පළවෙනි වසරම ගෙවුණා සොඳුරු             ලෙසින්
දෙවන වසර ගත කෙරුවේ හිත                  සතුටින්
පතා ආව ඔහු මුණ ගැසුණේ කැලණි           බිමෙන්
දිරි දුන්නේ ඉගෙන ගන්න පියෙකු              ලෙසින්

සිහි වුණේ එදා 1st class එකක්                    ගන්න
ගණන් කළේ  A කොපමණදැයි කියා           ඔන්න
තව අඩු පොඩි ගාණයි
class එකක්             වෙන්න
වෙහෙස වුණේ දිව රෑ නොබලාම                  ඔන්න

කාලය ගතවී ගියේ ඇසුරු                        සැණින්
සිව් වසරක් ගෙවී ගියේ පවන                  ලෙසින්
ලෝගුව කරවට පැළඳූවේ                උජාරුවෙන්
ගත්තා සහතිකයම මා හිතේ                      තුටින්

පොඳි බැඳගෙන ආසාවන් සිත්                 ගොන්නේ
MSSC එක ගන්නයි පෙරමුණ                    ගන්නේ
මංගල නැකතින් නිසි කල දීගෙත්              යන්නේ
ලොකු පුතු කුසේ දරන් VIVA ත්                 දුන්නේ

මතකයි අද වාගේ ඒ BMICH                      දසුන
මාස පහක කිරි දරුවෙකි මා                      පුතුන
ලෝගුවකුත් අතේ දරන් ගියේ                  මෙදින
තව උපාධියක් පළඳින්නයි මා                    හිසින

කාලය ගත වී යන විට                     සෑමදින
දින සති ගෙවිලා මාසයක්                    වුණ
මාස ගෙවී අවුරද්දක් පිරුණ                 දින
කාලය නොදැනී ගෙවුණා              රහසින

උපන් බිමෙන් දුරස් වෙලා ඉන්නට නෑ         සිතුවේ
අයර්ලන්තයට එන්නයි මට සිදු                       වූවේ
තනියට පුතු දෙදෙනත් අරගෙන                     ආවේ
තව තනියට කෙනෙකුත් බෑගයේ                  ආවේ

බඩු ටික අස් කරනා විට                             බෑගයට
මතක් වුණේ උපාධි සහතිකයයි                  මෙමට
පරිස්සමින් තැන්පත් කෙරුණේ බෑගය          තුළට
නුඹට වරම් හිමි වූවා උඩින්                        එන්නට

ආ දිනයේ සිට අල්මාරියට                      වෙලා
තනියම ඉන්නවා අනේ බකන්                 නිලා
දරුවන් වෙනුවෙන් නුඹ අද තනි            කරලා
සිත සතුටින් ගෙවනවා මා සිනා             වෙලා

හැමදාමත් නුඹට ආදරෙයි මම උපාධිය........


අප්පච්චි.....

 

 අප්පච්චි.....

නුඹ ගැන සිතනා හැම මෙහොතම
නෙත කඳුළින් පිරුණයි අප්පච්චි...
ලැබුණොත් වරයක් මතු යම් දිනකදී
ඉල්ලන්නේ නුඹමයි මගේ අප්පච්චි...

මතකයි අද වාගේ මා රැකුමට
හෙලු හැටි දා බිඳු නුඹ අප්පච්චි...
ගෙවන්නට ඉතිරිව තිබුණත් ණය
ඒ ණය නොගෙනම ගියේ නුඹ අප්පච්චි...

උපදින හැම මතු භවයෙම සංසාරේ
ඉපදෙමු අපි එක නුවරක පුතුනේ
පුංචි වුණත් අද වාගේ මතකයි
නුඹ කී හැටි අප්පච්චි....

පවසන්නට දහසක් දේ සිත තුළ
තෙරපෙන්නට ඇති මගෙ අප්පච්චි...
නුඹ නොකළත් පව් මේ භවයේ
පෙර පව් පළ දෙන්නැති අප්පච්චි...

අපගේ සිත් ගිනි බත් කරදා
නික්ම ගියේ කෙලෙසද අප්පච්චි...
නුඹ කළ ඒ පින් බල මහිමෙන්
නුඹෙ ලොව තැනුණෙ දෙව්ලොවමයි අප්පච්චි...


......අම්මා....

 

 ......අම්මා....

විහඟුන් ගැයුවත් සුමිහිරි ගී පද
නැත පිනවූයේ මගෙ දෙසවන
පිපුණත් මල් නෙක නෙක දසතම
නෙත නැහැ තුටු වූයේ අද දින.......

හමුවූවත් නෙක නෙක මිනිසුන්
යන එන හැම මාවතකම
නැත මා සොයනා ඒ රුව
දැක ගන්නට සිත සතුටින.....

සිත දැඩි කරගෙන යම් දිනයක
නුඹ ගිය හැටි මතකයි මා තනිකර
මා පොඩි දරුවෙකි ඒ දින
දැනුණා මට නුඹ නැති දුක මෙලෙසම.....

එන්නෙමි දැක ගන්නට නුඹ හෙට
එන්නේ කවදාදෝ ඒ හෙට දින
නුඹ නැති දුක සිත සිර කරගෙන
වැළපෙමි තනියම මා අද දින......

හැමදාමත් පැතුවේ ඉන්නයි නුඹ ළග
දෛවය විසඳුණි මේ ලෙස අද
තව තව නොහැකිය පද ගෙතුමට
හැම භවයෙම නුඹ පමණයි මගෙ අම්මා......


ජීවිතය

සීත සෘතුව ඇවිදින් එදවස
හිරිගඬු පිපුණයි සියොළඟ
උදාවන්නට වසන්තය
පෙරමග බැලුවයි දින දින ...........

වසන්තය එන්නට පෙරාතුව
ආවේ සරත් සමයයි දිවියට
රස මුසු තැන් පසු කරමින්
උදා වූවේ ගිම්හානයයි .....

පොදි බැදි ඒ පැතුමන්
නැගෙනා හිරු කිරණින්
දවා හලු කරවන්නට
ගත වූයේ නිමේෂයයි......


ගංගානි රණසිංහ

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...