Saturday, April 15, 2023

අප්පච්චි.....

 

 අප්පච්චි.....

නුඹ ගැන සිතනා හැම මෙහොතම
නෙත කඳුළින් පිරුණයි අප්පච්චි...
ලැබුණොත් වරයක් මතු යම් දිනකදී
ඉල්ලන්නේ නුඹමයි මගේ අප්පච්චි...

මතකයි අද වාගේ මා රැකුමට
හෙලු හැටි දා බිඳු නුඹ අප්පච්චි...
ගෙවන්නට ඉතිරිව තිබුණත් ණය
ඒ ණය නොගෙනම ගියේ නුඹ අප්පච්චි...

උපදින හැම මතු භවයෙම සංසාරේ
ඉපදෙමු අපි එක නුවරක පුතුනේ
පුංචි වුණත් අද වාගේ මතකයි
නුඹ කී හැටි අප්පච්චි....

පවසන්නට දහසක් දේ සිත තුළ
තෙරපෙන්නට ඇති මගෙ අප්පච්චි...
නුඹ නොකළත් පව් මේ භවයේ
පෙර පව් පළ දෙන්නැති අප්පච්චි...

අපගේ සිත් ගිනි බත් කරදා
නික්ම ගියේ කෙලෙසද අප්පච්චි...
නුඹ කළ ඒ පින් බල මහිමෙන්
නුඹෙ ලොව තැනුණෙ දෙව්ලොවමයි අප්පච්චි...


No comments:

Post a Comment

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...