Saturday, April 15, 2023

උපාධි සහතික........

 

උපාධි සහතික........


පාසල් යන දැරිවියක් ලෙසින්                 එදා
කැම්පස් යන්නයි දිරි ගත්තේ මා         සැමදා
සඵල වුණා ඒ හීනය සිත                   නොරිදා
කැලණි බිමට පා තැබුවේ තුටිනි           මෙමා

පළවෙනි වසරම ගෙවුණා සොඳුරු             ලෙසින්
දෙවන වසර ගත කෙරුවේ හිත                  සතුටින්
පතා ආව ඔහු මුණ ගැසුණේ කැලණි           බිමෙන්
දිරි දුන්නේ ඉගෙන ගන්න පියෙකු              ලෙසින්

සිහි වුණේ එදා 1st class එකක්                    ගන්න
ගණන් කළේ  A කොපමණදැයි කියා           ඔන්න
තව අඩු පොඩි ගාණයි
class එකක්             වෙන්න
වෙහෙස වුණේ දිව රෑ නොබලාම                  ඔන්න

කාලය ගතවී ගියේ ඇසුරු                        සැණින්
සිව් වසරක් ගෙවී ගියේ පවන                  ලෙසින්
ලෝගුව කරවට පැළඳූවේ                උජාරුවෙන්
ගත්තා සහතිකයම මා හිතේ                      තුටින්

පොඳි බැඳගෙන ආසාවන් සිත්                 ගොන්නේ
MSSC එක ගන්නයි පෙරමුණ                    ගන්නේ
මංගල නැකතින් නිසි කල දීගෙත්              යන්නේ
ලොකු පුතු කුසේ දරන් VIVA ත්                 දුන්නේ

මතකයි අද වාගේ ඒ BMICH                      දසුන
මාස පහක කිරි දරුවෙකි මා                      පුතුන
ලෝගුවකුත් අතේ දරන් ගියේ                  මෙදින
තව උපාධියක් පළඳින්නයි මා                    හිසින

කාලය ගත වී යන විට                     සෑමදින
දින සති ගෙවිලා මාසයක්                    වුණ
මාස ගෙවී අවුරද්දක් පිරුණ                 දින
කාලය නොදැනී ගෙවුණා              රහසින

උපන් බිමෙන් දුරස් වෙලා ඉන්නට නෑ         සිතුවේ
අයර්ලන්තයට එන්නයි මට සිදු                       වූවේ
තනියට පුතු දෙදෙනත් අරගෙන                     ආවේ
තව තනියට කෙනෙකුත් බෑගයේ                  ආවේ

බඩු ටික අස් කරනා විට                             බෑගයට
මතක් වුණේ උපාධි සහතිකයයි                  මෙමට
පරිස්සමින් තැන්පත් කෙරුණේ බෑගය          තුළට
නුඹට වරම් හිමි වූවා උඩින්                        එන්නට

ආ දිනයේ සිට අල්මාරියට                      වෙලා
තනියම ඉන්නවා අනේ බකන්                 නිලා
දරුවන් වෙනුවෙන් නුඹ අද තනි            කරලා
සිත සතුටින් ගෙවනවා මා සිනා             වෙලා

හැමදාමත් නුඹට ආදරෙයි මම උපාධිය........


No comments:

Post a Comment

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...