|
|
වාසනාවන්ත කුඩය
දින කිහිපයක සිට මා සිටියේ පීඩාවෙනි. අම්මාට ද එය
රහසක් නොවී ය.
“දුවේ,
අපි රිදීගම
දේවාලෙට ගිහිං බාරයක් ගැටගහමු. එතකොට ඔයාගෙ හිතට සහනයක් ලැබෙයිනේ”
අම්මා මගේ
පිට අතගෑවා ය.
“යමු”
මම එකඟතාව පළ
කළෙමි.
“බල - බල ඉන්නෙ ඇයි? අපි දැම්ම යමුකො”
අම්මා මා
දිරි ගැන්වූවා ය.
කඩිනමින් හැඳ පැලඳ ගත් අපි ගමන පිටත්වීමු.
එහෙත් එදින දේවාලේ වැඩ නොකැරෙන දිනයක් බව දැන ගත්තේ
එහි ගිය විට ය.
“දැන් ඉතින් මොකද කරන්නේ? අපි ආයෙ දවසක එමුකො දුවේ” අම්මා මගේ හිත හැදුවා ය.
අපි ආපසු ගමන් ඇරඹීමු.
බසය කුරුණෑගල නගරයට ළං විය. ඇතුගල මත වැඩ හිඳින බුදු
රුව දෙස බලමින්. අප උමග
ළඟින් බැස
ගත්තේ එතැනින් බස් නැවතුමට යනු පිණිස ය.
දවසම වැසිබරව පැවතිය ද මෙ වේලාවේ තිබුණේ දැඩි
රස්නයකි.
යාචකයෙක් අව්වේ පිච්චෙමින් උමග ළඟ පාර අයිනේ හිඳ
සිටියේ ය. ඔහුගේ සුරත නොවී ය.
ඔහු වමත
පාගෙන අපෙන් ද සිඟමන් යැද්දේ ය.
යාචකයා දුටු හැටියේ ම මට දැනුණේ මහා මොකක්දෝ අපහසුවකි.
මට අම්මාගේ මුහුණ බැලිණ.
ඇය ද එබඳු ම
අපහසුවකින් පෙළෙන බව මට දැනිණ.
මා අතේ රුපියල් දහසේ නෝට්ටුවක් විය. එය යාචකයාගේ අතෙහි
තබන්නට මසිතට හයියක්
නො වී ය.
“ආ අම්ම දෙන්ඩකො” මම එය අම්මාට දුනිමි. නෝට්ටුව ගත් අම්මා යාචකයා වෙත
පිය මැන එය ඔහු අත තැබුවා ය. එකෙණෙහිම ඇගේ
මුවින් පළ වූ වදන් දෙක තුන ද මගේ දෙසවන වැකිණ.
‘කුඩයක්වත් ඉහලා ගත්ත නං...”
යාචක තෙමේ නිහඬ හිනාවක් පෑවේ ය. ‘අපිට කොයින්ද කුඩ’
බඳු අදහසක් ඒ
හිනාවේ ලියැවී තිබිණැයි මට
සිතිණ.
ඉනික්බිති අපි බස් පොළ වෙත යන්නට පිය ඉක්මන් කළෙමු.
අපි සිටියේ කුඩ දෙකක් ඉහලා ගෙන
ය. එහෙයින්
අව් පීඩාව අපට දැනුණේ අඩුවෙනි. අප සැලකිය යුතු දුරක් මෙසේ ආවද අර යාචකයාගේ ස්වභාවය අපේ සිත්වලින්
බැහැර නොගියේ ය.
හිටි හැටියේ අම්මා ගමන බාලකර මදෙස බැලුවා ය.
“පව් දුවේ! අපි ඒ අහිංසකයට කුඩයක්
දෙමු ද?
අම්මා ඇසුවා ය.
මා උත්තරයක් දීමට පෙර අම්මා ආපසු දුව ගියා ය. යාචකයා
කරා කඩිනමින් සමීප වූ
අම්මා තමා
ඉහලා ගෙන සිටි කුඩය ඔහු අතට දී මදෙස බැලුවා ය. මහද පිරී ගියේ ය. එකෙණෙහිම අම්මා ගිය වේගයෙන් ම මවෙත
දුව ආවා ය.
අම්මාගේ මුහුණ සතුටින් පිරී තිබිණි.
‘යං දුවේ’ අම්මා ඉස්සර වූවා ය. මම දෙන්නාට ම කුඩය ඇල්ලුවෙමි.
අපි උරහිස් හි වැදි වැදී බස්
පොළට ආවෙමු.
එහි අපේ බසය තිබිණ. අපි නැඟ අසුන් ගතිමු.
“ඒ අහිංසකය කුඩේ ඉහලගෙන ඇති නේද දුවේ.
බස් එක එතනින් යද්දී අපි බලමු.” අම්මා කීවේ කුඩා දැරියක මෙනි.
බසය ගමන් ඇරඹුවේ වැස්සේ ය.
යාචකයා සිටි තැනින් බසය යද්දී අපි ඔහු ගැන විමසිලිමත්
වීමු.
ඔහු කුඩය ඉහලා වැස්සෙන් බේරී සිටියේ ය.
අම්මාගේ මුහුණේ මල් පිපී තිබිණ.
අම්මා යාචකයාට පිරිනැමූ කුඩය ඈ මගෙන් ලද තිළිණයක් විය.
ඒ දවස මට මතකය. අද මෙන් ම වැහි දවසකි. ඒ වැස්සේ අපි
කුරුණෑගල නගරයේ කොටු වී
සිටියෙමු. අප
දෙදෙනාටම තිබුණේ මගේ කුඩය පමණි. දෙදෙනාටම වැස්සෙන් බේරී යෑමට එය නොසෑහිණ.
අම්මා යාචකයාට තිළිණ කළ කුඩය මා සාප්පුවකින් මිලදී
ගත්තේ ඒ මොහොතේ ය. අලුත්
කුඩය අතට ගත්
අම්මා සතුටු වූ හැටි ද මට මතකය.
එදායින් පසු ඈ ඒ කුඩය පාවිච්චි කළේ අද ය.
“අම්මට මං තව කුඩයක් අරං දෙන්නංකො.”
“මම ගෙදර තියන පරණ කුඩේ හදල ගන්නං
දුවේ. ඔයා සල්ලි නාස්ති කරගන්ඩ එපා!”
අම්මා ඉන් පසු මේ කුඩ පරිත්‍යාගය ගැන බොහෝ දෙනෙකුට
කීවා ය. ඈ සතුට වැඩිකර ගත්තේ
එසේ ය. ඒ ඇසූ
බොහෝ දෙනා ඇය පැසසූහ. ඇගේ සතුට නිම් - හිම් නැති විය.
අතරින් පතර කෙනෙක් දෙන්නෙක් අම්මාගේ කතාව අසා ඇගේ හිත
රිදවූහ. ඇගේ කුඩ පරිත්‍යාගය
ගැන යළි යළි සිහි කරමින් ඇය විහිළුවට ගත්හ.
එවිට අම්මා කම්පාවට පත්වූවා ය.
“අම්ම දුක් වෙන්ඩ එපා! අම්ම කළේ
කොච්චර හොඳ වැඩක් ද? සමහරුන්ට ඒක තේරෙන්නෙ නෑ. ඒ ගොල්ලො එච්චර සියුම් නෑ. අම්ම
කොච්චර පිරිසිදු චේතනාවෙන් ද ඒක කළේ කියල මං දන්නවනේ”
මම ඇය
සැනසීමි.
ඇගේ මුහුණ නැවත පිබිදෙන්නට විය.
ආදරණීය අම්මේ,
ඔබ මිනිස්
වෙසින් සිටින දේවතාවියකි. අහිංසකත්වයේ
ප්‍රතිමූර්තියකි.
ඔබේ දියණිය කරුණාව,
දයාව, ඉවසීම,
පරිත්‍යාගය, දැහැමි බව ඈ දායාද ලද්දේ ඔබෙනි.
මුළු ලෝකය ඉදිරියේ ම මම ඔබට ගරු කරමි.
කුරුණෑගල ගංගානි කුමාරි රණසිංහ මෙනෙවිය විසින් යොමු
කරන ලද ලිපියක් ඇසුරිනි.
jeäÿr
lshùu i`oyd http://www.silumina.lk/2014/02/02/_art.asp?fn=as1402029&p=1
fjí wvúh n,kak'
|
Friday, August 7, 2015
මගෙ අම්මා (වාසනාවන්ත කුඩය)
Subscribe to:
Post Comments (Atom)
දුවණිට.....
දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...
-
අප්පච්චියේ නුඹ සිටියා නම් අද දවසේ.......... මා නෙතඟින් වැටෙනා කදුළැලි දැක නුඹ හඩනවා සත්තයි..................
-
ඇරඹුණා නව වසරක් .......... පොදි බැදගනිමින් ආශාවන් ගොන්නක් .................. හැල්මේ දුවනා මේ ජීවිතයට ගෙනෙන් නව අරුතක් ළබැඳි 2016 වසර ..........
-
හිසට නොමැති මුත් විවේකයක්....... කුසට නොමැති මුත් රස අහරක්.......... නැහැ මැසිවිලි නැඟුවේ මගේ අප්පච්චි...........
No comments:
Post a Comment